Widgets

මුරකාරයා


ඔන්න දැන් 1900 ගනන් වල ලංකාවෙ හිටියනෙ තේ factory තිබුන සුද්දො.
ඒ වගේ සුද්දෙක් පාඩුවෙ තමන්ගෙ factory එක කරගෙන හිටියලු. මිනිහට කොයි තරම් සල්ලි තිබ්බත් තේ ස්ටෝරුවට යන්නෙ එන්නෙ කෝච්චියෙලු. දැන් ඉතින් එක දවසක් සුද්දා උදෙන්ම ස්ටෝරුවට එනකොට මුරකාරයා සුද්දට කිව්වලු, “මට සර්ට කියන්න දෙයක් තියනව” කියල.
(සුද්දට හොදට සිංහල පුලුවන්ලු ඈ…..)
සුද්දත් ඉතින් ඇහුවලු මොකද්ද කියල. මුරකාරයා කිව්වලු, “සර් මං ඊයෙ රෑ නරක හීනයක් දැක්කා, මං හීනෙන් දැක්කා.. සර් හවස යන කෝච්චිය පෙරළෙනවා. කෝකටත් සර් අද පයින්ම ගෙදර යන්න” කියලා.සුද්දත් ඉතින් කෝකටත් කියලා හවස පයින්ම බංගලාවට ගියාලු. මුරකාරයාගෙ අම්මට පිංසිද්ද වෙන්න කියල කෝච්චිය පෙරළිළා කෝච්චියෙ හිටපු සෙට් එකම යටියන්තොටලු (ඒ කිව්වෙ ඔක්කොම මැරිලා)
ඉතින් දැන් සුද්ද කල්පනා කෙරුවලු මුරකාරයා හිටියෙ නැත්නම් මේ වෙද්දි මං මෝචරියෙ නේද කියලා.ඔන්න ඉතිං පහුවදා සුද්දා ස්ටෝරුවට ගියාම මුරකාරයා කිව්වලු, “මං කිව්වා වගේ කෝච්චිය පෙරළිලා නේද සර්” කියලා.

1


සුද්දා කිව්වලු, “ගොඩක් පින් මගේ ජීවිතේ බේරලා දුන්නට. මගේ Office එකට ඇවිත් මාව හම්බවෙන්න” කියලා ස්ටෝරුව ඇතුළට ගියාලු.මුරකාරයා හිතුවලු වැඩේ හරි තමා ඔය කතා කරේ මොකක් හරි තෑග්ගක් දෙන්න තමා කියලා. මුරකාරයා Office එකට ගියාට පස්සෙ සුද්දා ලියුම් කවරෙක සල්ලි වගයක් දාලා දුන්නලු.එතකොට මුරකාරයා කිව්වලු, “අනේ සර්, සල්ලි බලාගෙන නෙමෙයි මං උදව් කරේ” කියලා.සුද්දා කිව්වලු, “ඔය තියෙන්නෙ තමන්ගෙ මාස තුනක පඩි”.
“තමන් අදින් පස්සෙ වෙන රස්සාවක් හොයාගන්න”.
“තමුන්ව රස්සාවන් අස්කලා” කියලා.මුරකාරයා ඇහුවලු, “ඇයි සර් මාව රස්සාවන් අස්කලේ, මං නිසානෙ සර් බේරුනේ” කියලා.සුද්දා කිව්වලු, “තමන් මුරකාර රස්සාව හරියට කරන්නෙ නෑ ඒකයි අස්කලේ” කියලා.එතකොට මුරකාරයා ඇහුවලු, “සර් කොහොමද එහෙම කියන්නෙ” කියලා.එතකොට සුද්දා මෙහෙම කිව්වලු…
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
“තමන් මුරකාර රස්සාව හරියට කලා නම් රෑට හීනෙන් කෝච්චි පෙරළෙනවා පේන්නෙ කොහොමද”…..

0 comments:

Post a Comment

Copyright

මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
9pixle :. Powered by Blogger.

Visitors

Flag Counter

Our Strength

Blog Archive