Widgets

මැසේජ් එක


උඹලා දන්නවා ඇති බස් වල යනකොට සීට් එකක ඉඳගෙන යනවා නම් එහා පැත්තේ ඉන්න එකාට හොරෙන් මැසේජ් එකක් යවාගන්න තියන අමාරුව. මටත් මේ ලඟකදි ඔය කේස් එකම උනා. මම යවන යවන මැසේජ් එක දිහා මේ යකා ඔලුව දාගෙන බලාගෙන ඉන්නවා. මාත් ඉතින් කෙල්ලත් එක්ක මැසේජ් කලේ. මට මූව කන්න කේන්තියි. ඒත් ඉතින් මැසේජ් එක ටයිප් කරද්දි මිනිහා බලන් ඉන්නවා කියලා තේරිලා ඌ දිහා රවලා බලද්දිම මිනිහා අහක බලගන්නවා හරියට “මම නම් බලන් හිටියේ නෑ” කියන්නා වගේ. එහෙම කරලා මම උගේ දිහා බලන් ඉද්දි මට ඔරෙනවා.
1
මටත් කරන්න දෙයක් නැතිම හින්දයි මම යවන මැසේජ් ඌ කියවනවා කියලා දන්න හින්දයි මම කෙල්ලට මෙහෙම මැසේජ් එකක් ටයිප් කලා ඌට පේන්නත් එක්ක.“මම ඔයාට පස්සේ මැසේජ් කරන්නම් සුදූ….. මේ බස් එකේ මට එහා පැත්තේ ඉන්න කැ* පො** ප** ඔයාට යවන මැසේජ් කියවනවා” කියලා ශේප් එකේ ඒක සේව් කලා නිකම් මැසේජ් එක යැව්ව වගේ. ඊට පස්සේ තරහටත් එක්ක සීට් එකට ඔලුව තියන් ඇස් දෙක පියාගෙන හිටියා. ටිකකින් මගේ අඟට අරූ තට්ටු කරනවා. මම බැලුවා. මිනිහා මගෙන් අහනවා………“ඇයි ඔයා එහෙම මැසේජ් එකක් යැව්වේ? මම ඔයගේ මැසේජ් බැලුවේ නෑනේ”

0 comments:

Post a Comment

Copyright

මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
9pixle :. Powered by Blogger.

Visitors

Flag Counter

Our Strength

Blog Archive