Widgets

බැරිම තැන තමයි සර් අතේ අරං ආවේ....

1















ධනුෂ්ක දවල්ට කන්න සුපරි හෝටලයකට ගියාලු... ඉතිං බුෆේ එකෙන් බත් බෙදාගෙන ඇවිත් ඉඳගන්නකොට වේටර් ආවලු...

වේටර් : සර්ට මොනවද ගේන්නේ... chicken තියෙනවා beef තියෙනවා fish තියෙනවා..
ධනුෂ්ක : මට ගේනවා තම්බපු බිත්තරයක්....
ඉතිං වේටර් සෑහෙන වෙලාවකට පස්සේ තම්බපු බිත්තර ගෙඩියක් අතින් අරං ඇවිත් ධනුෂකගේ පිඟානේ තිබ්බලු...
ධනුෂ්ක : ෂික්... බලනවා මනුස්සයෝ... මොකක්ද මේ කරන කැත වැඩේ... ඇයි ඕයි මේ බිත්තර ගෙඩිය අතේ තියං ආවේ... තමුසෙට තිබුනනේ ඒක පීරිසියක තියාගෙන එන්න... මේවා මිනිස්සු කන කෑම් නේද...???

වේටර් : ඒක තමයි සර්... මම ඕක පීරිසියක තියාගෙන තමයි ආවේ... ඒත් එනකොට මේක රෝල් වෙලා ගිහන් අර කුණු කානුවට වැටුනා තුන් පාරක්ම... බැරිම තැන තමයි සර් අතේ අරං ආවේ....

0 comments:

Post a Comment

Copyright

මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
9pixle :. Powered by Blogger.

Visitors

Flag Counter

Our Strength

Blog Archive