Widgets

ඇම්ඩන්ගේ කතා 6


ඇම්ඩන් තව යාලුවෝ දෙන්නෙක් එක්ක ඉන්නවලු දිව්‍යලෝකයේ දොර‍ටුව ලඟ සදාකාලික ආත්මයක් බලාපොරොත්තුවෙලා.මේගොල්ලන්ව ඉන්ටර්විව් කරන්න දාලා ඉන්නේ ඉස්සර කාලේ නර ලෝකෙට දේව පණිවුඩ ගෙනෙල්ලා, ඒවා නරයන්ට භාරදීලා ගිය දේව පණිවුඩකාරයෝ දෙන්නෙක්ලු.
දේව පණිවුඩකරුවන් - මෙතන අහන ප්‍රශ්න වලට අවංක උත්තර ඕනී.බොරු කීවොත් ඕ ගොල්ලන්ට ලෝකයේ ඉන්න අවලස්සනම ගෑනිව දෙනවා.මේ ගෑනිත් එක්කලා තමයි සදකාලික ජීවිතය ගෙවන්න වෙන්නේ. 


amda3

ඔන්න මේ ගොල්ල පලමුවැනි යාලුවාව ඉන්ටව් කරනවලු.
දේව පණිවුඩකරුවන් - ඔයා මොනාද වැඩිපුරම කරේ නර ලෝකයේ ඉන්න කොට.
පලමු යාලුවා - මම පුලුවන් තරම් දන් දුන්නා දුප්පත් අයට.
එක පාරම කලු තඩි ගෑනියෙක් කැත ගෑනියෙක් මැවුනලු හරියට බිග් මමා වගේ. පලවැනි යාලුවා මේ ගෑනිත් එක්ක දිව්‍යලෝකය ඇතුලට යන්න දුන්නලු.
දැන් දෙවනි යාලුවාව ඉන්ටර්විව් කරනවලු.මිනිහත් හෙන බොරුවක් කීවාලු කවදාවත් අරක්කු බීලා නෑ කියලා. පස්සේ මිනිහටත් බලය අහිමි වුන චන්ද්‍රිකාගේ මූන වගේ තියෙන ගෑනියක් මවල දුන්නලු.
මේ යාලුවෝ දෙන්න ඇතුලට ගිහිල්ල බලං ඉන්නවලු ඇම්ඩන් කැත ගෑනියෙක් එක්ක එනකම්. මොකද මේ ගොල්ලේ ඇම්ඩන් ගේ හැටිත් දන්නවා.
මෙන්න ඇම්ඩන් ආශ්චර්යාරායි වගේ සෙක්සි ලස්සන කෙල්ලෙක් එක්ක ඇතුලට එනවලු
යාලුවෝ අහනවලු උඹ කොහොමද බේරුනේ කියලා.
ඇම්ඩන් - අනේ උන් මාව ඉන්ටර්විව් කරේ නෑ. මේ ලස්සන නංගිගෙන්ම අහගන්නකෝ කියලා.
ලස්සන නංගි කියනවලු අනේ අය්යලා මාර වැඩේ උනේ. මම බොරු කියලා අහුවෙලා මාව මේ ඇම්ඩන් අය්යට ජෝඩු කරලා දුන්නානේ අර බූරුවො දෙන්නා.

0 comments:

Post a Comment

Copyright

මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
9pixle :. Powered by Blogger.

Visitors

Flag Counter

Our Strength

Blog Archive