Widgets

මධු සමය දා ලිහූ සළු පිලි

1

මිනී කපන නිමලදාසගේ පනස් හය හැවිරිදි බිරිඳගේ මරණ පරීක්ෂණයට සුපුරුදු පරිදි නිමලදාස වෛද්‍ය වරයා හා මෝචරියට ඇතුලු විය....


මධු සමය දා ලිහූ සළු පිලි
එවක මතකය අදත් ගෙන
අනේ දොස්තර කමා කල මැන
මදක් දෑසම වසනු මැන...


ඇගේ සිරුරම වසා මතු කල
ප්‍රේමයක් ඇත පුරා මන
තවත් පිරිමියෙකුගේ ඇස් වල
ඇගේ සලකුණු ඕන නැත..!!


දොස්තරට ඇස් වැහෙන තැන්වල
පාත් වී නුඹේ සිරුර ලඟ
හොරෙන් බැලුවා ඉතිරි හුස්මක්
තියනවද ඔය පපුව මැද


කපා සිරුරම සොයා හේතුව
පිරිස්සද්දී හදවතේ
සිරව ලේ කැටි දෙකක් තිබුනා
දරුවො දෙන්නයි සිහි උනේ...


කවපු බත් පිඬ බඩ වැලක් මැද
නැවතිලා සුසුමකට වැද
අදත් දහවල ඉකි ගසා නුඔ
හඬපු තාලය හිතේ ඇත..


“වැදූ දූ පුත් නික්ම ගිය පසු
හැරදමා උන් උපන් රට
තාම සීසර් කරපු සලකුණු
තියනවා නුඹෙ බඩේ යට“


“කපන කොටනා තැනක් පාසා
යලිත් අතගා සුසුම් මැද
නුඔට නොරිදෙන මට රිදෙන තැන්
හුඟක් දැන් ජීවිතේ ඇත...“


ඉතින් යා යුතු මගක් වේ නම්
මදක් ඉවසමු කිව් බසින්..
මෙහෙම දවසක් හිතාගෙන නුඔ
ඉන්න තිබුනා එක ලෙසින්...!

0 comments:

Post a Comment

Copyright

මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
9pixle :. Powered by Blogger.