පොල්ල ගලවන්ඩ දඟලපු දැඟලිල්ල
ඔන්න එක ආච්චි කෙනෙක් බස් එකට ගොඩ උනා, ගෙදර යන්න, පොලට ගිහින් ලොකු බඩු මල්ලකුත් අරන්
බස් එකේ ඉන්න ඉඩක් නැ ආච්චිට සෙට් උනේ driver ගේ seat එක ළඟ
ඔන්න කොහොමෙන් කොහොමෙන් හරි මල්ල හරි බරි ගස්සල එහෙම තිබ්බ
දැන් ඔන්න බස් එක යනවා
යන්න තියන්නේ කඳු පල්ලම් ලොකු වංගු එහෙම පහු කරගෙන නේ........
driver ඉතින් වෙර දාල බස් එක අරන් යනවා
පැය එක හමාරක් විතර දැන් යනවා
ඔන්න ටී බොන්න කඩයක් ළඟ බස් එක නතර කරා
කස්ටිය ඔක්කොම බැහැල ගියා
ඔන්න විනාඩි දහයකට විතර පස්සේ කස්ටියි රියදුරු මහත්තයි අව
ඉතින් රියදුරු මහත්තය බස් එක පණ ගන්නල එහෙම ගියර් පොල්ල අල්ලනවා අල්ලනවා අල්ලනවා අල්ලනවා අල්ලනවා අහු වෙන්නෙම නැ
රියදුරු මහත්තය හැරිලා බැලුව ගියර් පොල්ල දිහා
මොන!!!!!!! ගියර් පොල්ලට වෙච්ච දෙයක් නැ
රියදුරැ මහත්තය ඇහුව කොන්දගෙන්
කෝ යකෝ මේ ගියර් පොල්ල????
එතකොටම අර ආච්චි කියපි
ඈ බොල කොලුවෝ මම මෙච්චර දුරක් ආවා
මම බලාගෙන උන්නේ උඹ මේ පොල්ල ගලවන්ඩ දඟලපු දැඟලිල්ල
ඔන්න මම ඔය පොල්ල ගලෝල දැම්ම
දැන් ඉතින් යමන් යන්න ....................
Monday, January 05, 2015
|
Labels:
Sinhana Stories
|
Copyright
මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
0 comments:
Post a Comment