4 - හතර
මේක කතාව මචන්ලා රේස් දාන පොරක් ගැනයි..එහෙම කිව්වට තේරෙන්නේ නැත්නම් රේස් බයි කාරයෙක් ගැනයි..
රේස් බුවා:මචන් පත්මේ 2014 අවුරුද්දනම් මට අමතක වෙන්නේ නෑ බන්.
පත්මේ:ඒ මොකද බන් එහෙම කියන්නේ?
රේස් බුවා:උබට කියන්න හිතා ගන්න බැරි සීන් එකක් උනා බොල…
පත්මේ : කියපන් බලන්න සීන් එක.
රේස් බුවා:2014 , 4 වෙනි මාසේ 4 වෙනිදා හරියටම මට හීනෙන් ඇහැරුනා පාන්දර 4ට.ඊට ඉස්සෙල්ලා දවසේ හොදට ගහලා 4 ගාතෙන් ආපු නිසා මාර අමාරු පිටම ගියා බන් පාන් ගේන්න.මගේ වෙලාව කියන්නේ මුදලාලියා ඉතුරු සල්ලි රුපියල් 4ක් වැඩිපුරත් දීලා.පාන් කාලා ලමයි 4 දෙනා ඉස්කෝල 4ට දාලා 4 කණුවේ බුකියට ආවා.4 ඉලක්කම 4 පස් වතාවක්ම දවස ඇතුලේ හම්බ උන නිසා ඔක්කොම සල්ලි දාලා 4 වෙනි නොබරේට දුවපු අස්වයාට ඔට්ටු 4ක්ම දැම්මා බොල.
පත්මේ:අම්මටහුඩු මාර වැටිල්ලක් නේ බන් උබට 4 වැටිලා තියෙන්නේ..ලකී 4 චුන් එහෙනම් ආ..
රේස් බුවා:රෙද්දක් කියනව සල්ලි ඔක්කොම පරාදයි බොල ඒ අස්සයා ආවේ 4 වෙනි තැනට.....
Wednesday, February 25, 2015
|
Labels:
Sinhana Stories
|
Copyright
මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
0 comments:
Post a Comment