Widgets

කොන්ඩම්

ඔන්න මචන්ලා හිගන්නෙක් හිගා කකා හතර අතේ යනවලු පොඩි එකෙකුත් වඩාගෙනයි තව හොටු පෙරෙන පොඩි එකෙකුත් අතින් ඇදගෙන..ඒත් ඉතින් බුවාට ගතම් එක හරියට සෙට් උනේ නෑ ලු..බුවා ඉතින් සුද්දෝ එහෙම ඉන්න හෝටලයක් දැකලා එතන ඉස්සරහා ඉදන් හිගාකනවලු පොඩි එවුන් දෙන්නත් ඇපේට තියාගෙන මෙහෙම..
හිගන්නා:අනේ බුදු මහත්තයෝ කීයක් හරි, අනේ අසරණ අපිට දීලා යන්න බලන්න මේ පොඩි එවුන් දෙන්නා දිහා දවස් ගානකින් හරි හමන් කෑමක් කාල නෑ හාමත් වෙලා ඉන්නේ බලන්න..
අනේ සුදු මහත්තයෝ අනේ බුදු අයියේ අපිටත් කීයක් හරී දීලා යන්න අයියේ අනේ ඔව්..මන් ගැන බලලා නෙවෙයි මගේ මේ කිරිසප්පයෝ දෙන්නා ගැන හිතලවත් දාපල්ලකෝ කියලා එතනින් යන සුද්දෝ දිහා බලලා මූ විලාප දෙනවලු..

1
දන්නවනේ ඉතින් උබලා සමහර හිගන්නෝ අඩන හැටි මූ හෙන කපටි බුවාලු..දැන් මෙහෙම අඩනකොට මූ ඉස්සරහට එනවලු ගයිඩෙක් එක්ක තරුණ සුද්දෝ ජෝඩුවක්. දෙන්නම් වැඩේ කියලා මූ ආපහු අඩනවලු මෙහෙම පොඩි එවුන්ටත් මෙහෙම කියන ගමන්
"තොපි දෙන්නත් අඩපිය ඔය එන සුද්දෝ දෙන්නා ඉස්සරහා මම අඩන්නම් මෙහෙම"
හිගන්නා;අනේ සුදු නෝනේ අනේ සුදු මාටියා අපි ගැන අනුකම්පා කරලා කීයක් හරි දෙන්න මාතියා මට ලමයි 6ක් ඉන්නවා මේ පොඩි එව්න් දෙන්නගෙන් එකෙක්ට අවුරුදු තුනයි අනිකට අවුරුද්දයි..අනේ තව කිරි සප්පයෝ හතර දෙනෙක් ගෙදර..අනේ අපිට තවත් ජීවත් වෙන්න බෑ.
කියලා පස් කලා අඩන හැටි දැක්ක සුදු කෙල්ල සුදු කොල්ලට කිව්වලු මොකද මේ යකා මෙච්චර අඩන්නේ කියලා.
සුද්දා ගයිඩගෙන් ඇහුවලු මොන ලබ්බක්ද මූ කියන්නේ කියලා..ගයිඩා ඉතින් කිව්වලු සීන් එක මූට පොඩි එවුන් ඉන්නවා හෙන කේස් හරිම කරදරයි කියලා..ගිගන්නත් රබර් ඇහැ දාගෙන බලාගෙන අහගෙන ඉන්නවලු බොක්කෙම්ම සතුටින්..කතාව අහපු සුදු ඩබලගෙන් සුද්ද ඉතින් සීන් එක ගනන් ගත්තේ නැතුව ඉස්සරහට ගියත් සුද්දි එහෙම කරේ නෑ ලු..දාගෙන හැන්ඩ් බෑග් එක අදිනවලු..
මේක දැක්ක හිගන්නා පට්ට සන්තෝසෙන් දොල පිදෙනිය ගන්න ඌ ගාව තිබ්බ තොප්පිය දොහොත් මුදුන් තියාගෙන සුද්දි ඉස්සරහා බිම බලාගෙන දන ගහගෙන ඉන්නවලු..සුද්දිත් බෑග් එකෙන් මොකද්ද අරගෙන තොප්පියට දාලා ක්ෂනිකෙට ගියාලු..
හිගන්නා පට්ට ආතල් එකේ තොප්පියට දැම්ම භාන්ඩේ අතට ගත්තලු..
මොකද්ද දන්නවද තිබ්බේ මචන්ලා පොඩි පැකට් එකක "කොන්ඩම් " එකක්ලු.

0 comments:

Post a Comment

Copyright

මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
9pixle :. Powered by Blogger.