ඇම්ඩන්ගේ කතා 16
සුරංගලාගේ ගමේ හරියට හරක් හොරකම් වෙනවලු.. ඉතිං දවසක් සුරංග හිතුවලු මේ හරක් හොරු ටික අල්ලා ගන්න.. ඉතිං මේ වැඩේට නියමෙටම ගැලපෙන පොර ධනුෂ්කයානේ.. ඉතිං සුරා එදා ධනුෂ්කයව ගෙදරට ගෙන්නා ගෙන ලොකු ප්ලෑන් එකක් ගැහුවලු... ඉතිං මේ සුරාගේ සංකීර්ණ ප්ලෑන් එකේ හැටියට කළේ මෙහෙමයි... සුරාගේ ගෙවල් ඉස්සරහා කොස් ගහේ හරකෙක් ගෙනල්ලා ගැට ගැහුවා... ඊට පස්සේ ගමේ හැම තැනම ප්‍රචාරයක් යැව්වා සුරා හරකෙක් ඇති කරනවා කියලා... ඉතිං දැන් හරක් හොරා එන්නේ රෑටනේ.. ඉතිං ධනුෂ්කයාට රෑ එළිවෙනකම් හරකා ලඟ හැංගිලා බලාගෙන ඉන්න තමයි තියෙන්නේ... හොරා ඇවිත් හරකා ගෙනියනකොටම ධනුෂ්ක කෑගන්න ඕනේ... එතකොට සුරා දුවගෙන ඇවිත් හොරාව අල්ලා ගන්නවා...
ඉතිං දැන් ප්ලෑන් එකේ හැටියට ධනුෂ්ක රෑ මුරලු... සුරා ගෙදරට වෙලා ඉන්නවලු ධනුෂ්ක සිග්නල් එක දෙනකම්.... රෑ දහය විතර වෙනකනුත් කිසිම සද්දයක් නැති හින්දා සුරා ආවලු ධනුෂ්ක මොකද කරන්නේ බලන්න.. ඇවිත් බලනකොට ධනුෂ්ක නිදි කිර කිර ඉන්නවලු... ධනුෂ්කට නින්ද ගියොත් ප්ලෑන් එක අප්සැට් වෙන හින්දා සුරා ධනුෂ්කට මෙහම උපදෙසක් දුන්නලු..
සුරා : මේ මෙහම හිටියොත් උඹට නින්ද යනවා... ඒ හින්දා උඹ ඉන්න ගමන් කල්පනා කරපං මොනවා හරි.. එතකොට උමට නිදිමත එන්නේ නෑ...
ධනුෂ්ක : මොනවා ගැන කල්පනා කරන්නද බං.. අනික මේ මහ රෑ... මදුරුවොත් කනවා...
සුරා : මෙහම කරපං... උඹ කල්පනා කරපං.. ඉස්සෙල්ලාම මේ ලෝකෙට බිහි උනේ කිකිළිද? නැත්තම් බිත්තරේද කියලා....
ධනුෂ්ක : කිකිළිද..? බිත්තරේද..? ම්ම්ම්........... ඇත්තට කවුද බං...
සුරා : ඒක තමයි... උඹ ඒක කල්පනා කරපං... එතකොට උඔට නිදිමත එන්නේ නෑ.....
ඉතිං එහෙම කියලා සුරා ගිහිං නිදා ගත්තලු... ආයෙත් පාන්දර 2ට විතර ඇවිත් බැලුවලු ධනුෂ්ක මොකද කරන්නේ කියලා... බලනකොට මූ ආයෙත් නිදි කිරනවලු.....
සුරා : ඒයි ධනුෂ්ක... මොකද බං කරන්නේ....
ධනුෂ්ක : ඒක තමයි බං... මම මේ උඹ අර කියපු එක ගැන කල්පනා කළේ... එතකොට මට පොඩි නිදි මතක් ආවා...
සුරා : ඒකනේ බං.. උඹ එකම ගැන කල්පනා කරන්න එපා... නිදිමත එනකොට වෙන දෙයක් ගැන කල්පනා කරපං.....
ධනුෂ්ක : වෙන දෙයක්...?? ඒ මොකක්ද බං.. මට එහෙම මුකුත් කල්පනා වෙන්නේ නෑ,....
සුරා : එහෙනම් උඹ මෙහම කරපං... උඹ කල්පනා කරපං... මේ ලෝකේ වැඩිපුරම වටින්නේ ගැහැනියද...?? නැත්තං පිරිමියාද...? කියලා....
ධනුෂ්ක : අයියෝ... ඕක කල්පනා කරන්නත් දෙයක්යැ.... වැඩි පුරම වටින්නේ පිරිමියා....
සුරා : නෑ.. නෑ... එහෙම කියන්න බෑ... ගැහැනියත් වටිනවා....
ධනුෂ්ක : ඒ කොහොමද...???
සුරා : ඒක තමයි.... උඹ කල්පනා කරලා බලපංකෝ... කොහොමද එහෙම වෙන්නේ කියලා... එතකොට උඔට නිදිමත එන්නේ නෑ,....
ඉතිං සුරා ගිහිං ආයෙත් නිදි.... පාන්දර හතරට විතර ඇවිත් බැලුවා ධනුෂ්ක නිදිද කියලා... මෙන්න බලනකොට මූ... ඇවිද ඇවිද කල්පනා කරනවා....
සුරා : අන්න දැක්කද... උඹට දැන් නිදිමත නෑනේ.... උඹ තාමත් කල්පනා කරන්නේ වැඩිපුරම වටින්නේ ගැහැනියද නැත්තං පිරිමියාද කියලද...??
ධනුෂ්ක : පිස්සුද බං.... මම මේ කල්පනා කරන්නේ.... හරකා කඹේ කඩාගෙන ගියාද....? නැත්තං කවුරු හරි කඹේ කපාගෙන ගියාද කියලා....
Copyright
මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
Total Pageviews
Blog Archive
-
▼
2014
(63)
-
▼
May
(55)
- රජතුමාගේ බිසව...
- අන්දරේ....
- ජැක්පොට්
- ඇම්ඩන්ගේ කතා 21
- ටීචර් & ඇම්ඩන්
- බෝතලයේ මූඩිය
- ඇම්ඩන් & වන් ෂොට්
- Amazing Fish Tanks–Try it .. Rate it .. Share it…...
- Funny Wedding Dresses
- Suggest Some Funny Captions
- !! Advertising Prints !!
- The Art of Photoshop
- Proof: English is the global language
- Moral..
- රතුළූණු & ඇම්ඩ
- Shreya Ghoshal - Wow .. so amazing.. What a talent…!
- මැසේජ් එක
- මුරකාරයා
- ඩස්පි කියලා පොරක් සංචාරය කරනවලු ලෝකේ
- ඇම්ඩන්ගේ කතා 20
- ඇම්ඩන්ගේ කතා 19
- කවුසිළුමිණ ලිවුවේ කවුද ???
- ඇම්ඩන්ගේ කතා 18
- මිස්ට ඇන්ඩ් මිසිස්…
- ඇම්ඩන්ගේ කතා 17
- ඇම්ඩන්ගේ කතා 16
- ඇම්ඩන්ගේ කතා 15
- ඇම්ඩන්ගේ කතා 14
- ඇම්ඩන්ගේ කතා 13
- ඇම්ඩන්ගේ කතා 12
- ඇම්ඩන්ගේ කතා 11 (18+)
- ඇම්ඩන්ගේ කතා 10
- ඇම්ඩන්ගේ කතා 9
- So Cruelty to Bike
- Love is Beyond Materialistic Things
- Latest Method of Irrigation ….
- What a weekend
- FAIL COMPILATIONS 2014
- Best of Funny Scary Prank Compilation April 2014
- FUNNY VIDEOS FAIL COMPILATION 2013 THE VIDEO BEST ...
- ඇම්ඩන්ගේ කතා 8
- ඇම්ඩන්ගේ කතා 7
- ඇම්ඩන්ගේ කතා 6
- ඇම්ඩන්ගේ කතා 5
- ඇම්ඩන්ගේ කතා 4
- ඇම්ඩන්ගේ කතා 3
- ඇම්ඩන්ගේ කතා 2
- ඇම්ඩන්ගේ කතා 1
- චුට්ටං එකෙන් හුස්ම ගැනීම.......
- Wedding RAG
- Bill Gates and the God
- බැරිම තැන තමයි සර් අතේ අරං ආවේ....
- Potential And Reality
- දිනපොත..
- මගේ සොදුරිය,මම ඔයාට ආදරෙයි! -
-
▼
May
(55)
0 comments:
Post a Comment