ශිෂ්‍යත්වේ....
මං පොඩි කාලෙ ඉස්කෝලෙ ගිය දුෂ්කර පාසලකට.. ළමයි වැඩියෙ හිටියෙ නැති උනත් ඉස්කෝලෙ ගුරුවරු බොහොම කැපවීමෙන් ඉගැන්නුවා. ඒත් මොන කරුමෙකටද කියන්න මං දන්නෙ නෑ ළමයි එහෙම ලොකු දක්ෂයො උනේ නෑ..ඒත් ඒ අදක්ෂ ලමයි අතරෙ මට හොද තැනක් තිබුනා මං ඒ අයට වඩා සෑහෙන්න ඉදිරියෙන් හිටිය විත්තිය මටම දැනිල තිබුනා.
කොහොමින් හරි කමක් නෑ ශිෂය්ත්වෙ ලියන දවස උදා උනා.. ශිෂ්‍යත්වෙ ලියපු දවසෙ අනික් හැමෝම ළමයි පලවෙනි පේපර් එක ඉවර උනාම කිව්වෙ අයියෝ ශිෂ්යත්වෙ මාර ලේසියි කියලා .. ඒත් මට විතරක් ඒක එච්චරම ලේසි පේපර් එකක් නෙමේ කියන දේ වටහුනා.. ශිෂ්‍යත්වෙ ඉවර වෙලා අපි මාස ගානක් ගෙවල් වල හෙන ජොලියෙ හිටියා.. මට මතකයි සෝමදාස මාමා අන්න පුතේ ශිස්යත්වෙ ප්‍රතිපල ඇවිල්ලා හෙට උදේ ඉස්කෝලෙට එන්නය කියල ප්‍රින්සිපල් කිව්වය කියල කියපු පණිවිඩේ කිව්ව හැටි ..
කොහොම හරි එදා රෑ මට නින්ද ගියෙ නෑ.. මං පාස් වෙලාද නැද්ද .. මට කොලබ රටේ ඉස්කෝලෙකට යන්න පුලුවන් වෙයිද කියන සිතිවිල්ලෙන් මාව වෙලිල හිටියා.. .. පහුවදා උදේම ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙලා අම්මගෙයි තාත්තගෙයි කකුල් දෙක අල්ල වැන්දා .. ඒ දෙන්නගෙ මූනෙ තිබුන බලාපොරොත්තු මහ ගොන්න මම මගෙ ඇස් දෙකටම දැක්කා..
ප්‍රතීපල කිව්වෙ මුලු ඉස්කෝලෙම රැස්වීමක් කැඳවලා.. ප්‍රින්සිපල් බොහොම ගාම්භීර්ව කතා කලා..
"ළමයි ඔයාල දන්නවා අපේ ඉස්කෝලෙ දුෂ්කර පාසලක්.. මේ දක්වා කිසිම කිසි ළමයෙක් ශිස්යත්වෙ පාස් වෙලා හොද ඉස්කෝලෙකට යන්න වරම් ලබා ගත්තෙ නෑ ... ඒත් එකම එක ලමයෙක් මේ ඉස්කෝලෙට ආව දවසෙම මම හිතුවා මේ ළමය නම් මොනව හරි වෙනසක් කරයි කියලා"
ප්‍රින්සිපල් මගේ දිහාට හැරුනා
"මේ ඉස්කෝලෙ අනික් කිසිම ළමයෙක්ට බැරි උනා විභාගෙ පාස් වෙන්න..වෙන අවුරුදු වල වගේම මේ ඉස්කෝලෙ නම්බුව බේරගන්න ඒ ළමයි කාටවත් හැකි වුනේ නෑ.. ඒත් මමත් මගෙ ගුරු මණලයත් දහසක් බලාපොරොත්තු තියාගෙන හිටපු ඒ ළමයා ඉස්කෝලෙ අනික් ලමයි හැමෝටම වඩා ඉදිරියෙන් හිටපු ඒ ළමයා"
.......
දසතින්ම අත්පොලසන් නාදය මගෙ කන් බිහිරි කරන තරම් හඩින් ඇහුනා.. ඒ අත්පොල්සන් නාදය මැදින් ප්‍රින්සිපල්ගෙ මේ වචන ටිකත් හැමෝටම ඇහුනා
"කියන්න කණගාටුයි ළමයි.. ඌත් ෆේල් "
Friday, October 24, 2014
|
Labels:
Sinhana Stories
|
Copyright
මෙහි පලවන කථා සියල්ල මගේ නිර්මාණ නොවන අතර අන්තර්ජාලයේ අහු-මුලු වලින් සොයාගන්නා ඒවාද වන අතර ඒ වැඩි දෙනෙකුගේ රසාස්වාදය පිණිස මෙහි පලකරනු ලබන බව දැනුම්දෙමි.මෙහි පලවෙන කථා වලට ලබෙන ප්‍රසන්ශා, ඒවයේ නියම කතුවරුන්ට හිමිවේ.
ඔබ සතුව ඇති නිර්මාණ අප වෙත ලැබීමට සලස්වන්න... අපි එය ඔබේ නමින් පළකරන්නෙමු...
9pixle@gmail.com
0 comments:
Post a Comment